(ටී.කේ.ජී.කපිල)
රුපියල් හය කෝටි දෙලක්ෂ හැට පන් දහසක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ .
තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් වෙත කුෂ්, හෂීෂ්, කොකේන් සහ එක්ස්ටැසී යන මත්ද්‍රව්‍ය, පාර්සල් 09ක් තුළ අසුරා එවා තිබුණි .
මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා, එම ලිපිනයන් පිළිබද සොයා බැලීමේ දී, ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීම නිසා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට පාර්සල් විවෘත කිරීම සිදු කෙරුණි.
මෙසේ අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

